සුළුදිය පහකරන්නන් හට දඩුවම් දීමට අලුතින්ම නීති ගෙන ඒමට බ්‍රිතාන්‍යය සැරසෙයි..
සුළුදිය පහකරන්නන් හට දඩුවම් දීමට අලුතින්ම නීති ගෙන ඒමට බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් පොලිසිය සැරසෙයි. නව නීතියට අනුව පාරේ සුළුදිය පහකරමින් සිටියදී අසුවන්නන්ට බාල්දියක් හා කොස්සක් දෙනු ලැබේ. එම ස්ථනය පිරිසිදු කර මිස ගැලවී යාමට නම් නොදෙන බව බ්‍රයිටන් පොලිසිය කියයි.
මීට අමතරව පවුම් 80 ක (රුපියල් 15,280) දඩයක්ද පාරේ සුළුදිය පහකරමින් සිටියදී අසුවන්නන්ට නියම කෙරේ. විනෝදකාමින්ගෙ පාරාදීසයක් වන නගරයේ පවතින තැබෑරුම් වලින් හොඳ හැටි රහමෙර පානය කර මහ මඟ යනෙන අනෙක් අයට අපහසුතා ගෙන දෙන ලෙස හැසිරිමේ ප්‍රවණතාවක් ඇති බැවින් මෙම තීරණය කළ බව බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් පොලිසිය කියයි.
No comments:
Post a Comment