දහම් පුවත්



බුදු හිමියන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ


බුද්ධාදී උතුමෝ මහා පුරුෂයෝ වෙති.එබඳු පුරුෂයන්ගේ ශරීර වල පිහිටන ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණයි. බුදු රජාණන්වහන්සේගේ පිහිටන ලක්ෂණ ගනනින් 32කි.ඒවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නමින් හදුන්වයි. එම දෙතිස සහ ඒවා ඇති වීමට හේතු පහත දැක්වේ.

01. සුප්පතිට්ධර්ත පාදතා

මනාව පිහිටි පා යුවලක් ඇති බවයි. බුදු සිරිපා ස්වර්ණ පාදුකාවක් සේ සිදුරු රහිතව පිහිටියේය. එම සිරි පතුල පොලවෙහි තබන කල එක වරම ස්පර්ශ වේ. උඩට ඔසවන කල එකවරම එසවේ. මෙම ලක්ෂණ ඇති අය අනුන් විසින් නොමැඩිය හැකි අය වෙති.

02. චක්ඛ ලක්ඛණතා

චක්‍ර ලක්ෂණ පිහිටි අය බවය. බුදු සිරිපා තලය මනා සේ බෙදී පිහිටි රථ චක්‍ර (රෝද)ලක්ෂණ වලින් යුක්තය. මෙම ලක්ෂණය පිහිටියේ මහා පිරිස් ඇත්තෙක් වෙයි. පෙර භවයන්හීදී පරාර්ථ චර්යාවෙහි යෙදුනු බැවින් හා අනුන්ගේ බිය තැතිගැනීම් දුරු කොට ආරක්ෂා සංවිධාන ඇති කල බැවින්ද පිරිවර සහිතව දන් දුන් බැවින්ද මෙම ලක්ෂණය පිහිටියේය.

03. අයාත පණ්හිතා

දිග් වූ විලුම් ඇති බවය. බුදු සිරිපතුල කොටස් 4කට බෙදේ.දෙකොටසක් ඉදිරි අක්පතුලයි.තෙවන කොටස පාදය පිහිටීමට ආධාර වෙයි. සතරවෙනි කොටස දිග් විලුඹයි.ප්‍රාණවධයෙන් තොර වී සියලු සතුන් වෙත හිතවත්ව අනුකම්පා සහගතව විසීමේ ප්‍රථීපලයක් ලෙස මෙම ලක්ෂණය පිහිටියේය.

04. දිඝංගූලිතා

දික් වූ ඇගිලි ඇති බවය. ක්‍රමයෙන් සිහින්ව එක සමව පිහිටීම මෙහි ලක්ෂණයයි. මෙම ලක්ෂණය ඇත්තේ සතුරන් විසින් නොමැ‍ඩෙන හැක්කේ වෙයි.

05. බ්‍රහ්මුජිජුගත්තා

බ්‍රහ්මයාගේ මෙන් සෟජු ශරීරයක් ඇති බවය. බුදු සිරුර සෟජුය.සෝබනය. මෙම ලක්ෂණය ඇත්තේ දීර්ඝායුෂ්ක වෙයි. සතුරන් විසින් නොමැඩිය හැකි වෙයි. තමන් විසින් හෝ අන්‍යයන් ලවා හෝ කිසිවෙකුටත් හින්සා පීඩා නොකිරීම නිසා මෙම ලකුණ පිහිටියේය.

06. සත්තුස්සදතා

සත් තැනක උස් බවයි.මාංශ බහුල වෙයි.දෙපිට ඇතුල් දෙපිට පතුල් පද උරහිස් කර යන සත් තැන උසින් පිහිටීමයි. මෙම ලක්ෂණය දරණ්නේ ප්‍රණීත ආහාර පාන ලබයි. පෙර ජාතීන්හීදී ප්‍රණීත දෑ දන්දුන් බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

07. මුදු තථන හත්ථපදාතා
මෟදු වූද තරුණ වූද අත්පා ඇති බවයි. මෙම ලක්ෂණය ඇත්තේ ඉතා උසස් ලෙස මහජනයාගෙන් සංග්‍රහ ලබයි. දානය ප්‍රිය වචනය අර්ථ චර්යාව සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තුවෙන් මහජනයාට සංග්‍රහ කල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

08. ජාලහත්ථ පාද ලක්ඛණතා

දැල් කවුලුවකට බදු වූ අත්පා ඇති බවයි. බුදු රදුන්ගේ පයෙහි ඇගිලි පසද අතෙහි ඇගිලි සතරද සම ප්‍රමාණව පිහිටියේය. මෙම ලක්ෂණය ඇත්තෝ ලෝ වැසියන්ගෙන් බොහෝ සංග්‍රහ ලබයි.

09. උස්සංඛ පාදකා

බුදු රදුන්ගේ ඇස්වටය උස්ව පිහිටියේ සුවසේ පාද පරිවර්ථනය වේ. මෙම ලක්ෂණය දරන්නේ නම් ගිහි වී නම් කාම භෝගීන්ට ශ්‍රේෂ්ඨ වෙයි. පැවිදි වීනම් පැවිද්දන්ට ශ්‍රේෂ්ඨ වෙයි. පෙර භවයන්හිදී අර්ථවත් වචන කතා කිරීම දසකුසල ධර්මයන්හි මහජනයා පිහිටුවීම යන කුසල ධර්ම කල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

10. උද්ධස් ලෝ මාතා
රෝම කූපයන් කුංඩාලංකාරයෙන් දකුණට කැකැවී අක් උඩුකුරුව පිහිටීමයි. මෙම ලක්ෂණය දරන්නේනම් සියල්ලන්ටම ශ්‍රේෂ්ඨ වෙයි. අර්ථවත් ධර්ම නිශ්‍රීත වචන කතා කල බැවින් මෙය පිහිටියේය.

11. එණිජංගතා

එණිමෟර්ගයන්ගේ කොණ්ඩා මෙන් ක්‍රමයෙන් සිහින්ව මසින් වටවී සහයන්සේ පිහිටීමය. මෙම ලක්ෂණය දරන්නේ නම් ගිහි වූයේ නම් ගිහියන්ට උවමනා උපභෝග පරිභෝග සම්පත්ද පැවිදි වූයේ නම් ශ්‍රමණ පරිස්කාරද ලබන්නෙක් වෙයි. පෙර භවයන් හිදි ශිල්ප විද්‍යාව උගන්වා ලෝ වැස්සා සුචරිතයෙහි පිහිට වූ බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

12. සුකූමච්ජිවිතා
ඉති සියුම් සිවිය ඇති බවයි.බුදු සිරුරෙහි රැලි ආදිය නොරැදෙයි. මෙම ලක්ෂණය දරන්නේ නම් ගිහි වූයේ නම් අන්‍යකාම භෝගීන් විසින් ලංවිය නොහැකි නුවණ ඇති වෙයි. බුදු වූයේ නම් මහා ප්‍රඥාවන්ත වෙයි. පෙර භවයන් හීදී මාත දර්පාදිය නොමැතිව කටයුතු නොකටයුතු විතාල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

13. සුවණ්ණා චණ්ණතා

ශරීරය රන් වන් පැහැයෙන් යුක්ත බවය.මෙය ඇත්තේනම් සුව පහසු වස්ත්‍ර ආදිය ලැබෙයි. පෙර භවයන්හිදී නොකිපෙනසුලුව අනුන් පරුෂ වචනයෙන් බනින කල නොසතුට පමණකුත් පල නොකල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.
14. කොසොහිතවත්ථ ගුයිහතා

කෝෂය තුල සැගවුන පුරුෂ නිමිත්ත ඇති බවය. භේද බින්නව සිටි නෑදෑ මිතුරන් උනුනුත් සම්මුඛ කොට සමගි කොට සතුටු වූ බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

15. නිගෝධ පරිමණ්ඩලතා
නුග ගසක් සේ උසට ගැලපෙන මහතින් යුක්ත සිරුරක් යුක්ත බවය. මෙය ඇත්තේනම් මහා ධනවතෙකු වෙයි. බුදුහු සප්තාර්ය ධනයෙන් ආඩ්‍ය වූහ. පෙර භවයන්හීදී සුදුස්සාට සුදුසු තැන තැබීම නිසා මෙම ලකුණ පිහිටියේය.

16. ආජානුලම්භිත හත්ථනා

සිටගෙන නොනැමී දණ මල පිරි මැදිය හැකි බවය. සුදුස්සාට සුදුසු තැන දී ඔවුන්නොවුන්ගේ තත්වයට ගැලපෙන පරිදි කටයුතු කල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

17. සිහප්පුබද්ධකායතා

සිංහයෙකුගේ පුර්වාර්ධ කය මෙන් සම්පූර්ණ වූ මුලු සිරුරක් ඇති බවයි. මෙම ලක්ෂණය ඇති වූයේ අනුන් ගුණයෙන් හා ධනයෙන් වර්ධණය වනු කැමති වූ බැවිනි.

18. චිත්තන්තරායතා

පිට මැද කාණුවක් සේ නොපිහිටා මස් පටලයකින් වැසී මනා සේ පිහිටි බවය. මෙම ලකුණ දරන්නේ ගිහියෙක් වී නම් නොපිරිහෙන සම්පත් ඇති මහා රජෙක් වේ. පැවිදි වූයේ නම් නොපිරිහෙන ගුණ සම්පත් ඇත්තෙක් වේ. මෙම ලක්ණය ඇති වූයේ අන්‍යයන් ධනයෙන් ගුණයෙන් වැඩෙනු කැමති වූ හෙයිනුත් ඉවසූ හෙයිනුත්ය.

19. සමවත්ථක්බන්ධතා

සම වූද වට වූද ග්‍රීවයක් ඇති බවයි.නහර නොපෙනේ. රන් කොලයක කරක් සේ සම වටව බෙල්ල පිහිටි බවය. මෙම ලක්ෂණය ඇත්තේනම් ගිහි වී නම් නොපිරිහෙන සම්පත් ඇත්තෙකු වෙයි. පැවිදි වූයේ නම් ගුණ සම්පන්න වෙයි.

20. රසග්ග සංගීතා

උතුම් රස නහර ඇති බවයි. තලැටක් පමණ දෙයක් වුව දිව තිබූ කෙනෙහි මුලු සිරුරෙහි ඔජස් පැතිරෙයි. මෙම ලක්ෂණය ඇත්තේනම් නිරෝගී වෙයි. පෙර භවයන්හීදි කැට කැබලිති ආදියෙන් සත්ව හින්සා නොකල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

21. අභිනීල නෙත්තතා

නිල්වන් නෙත් සගලක් ඇති බවය. මෙය ඇත්තේනම් බොහෝදෙනෙකුට ප්‍රියමනාප වෙයි. පෙර භවයන්හිදී ද්වේශයෙන් අනුන් වෙත රවා බැලීමක්වත් නොකට සෟජු සිතින් ප්‍රිය ඇසින් බැලූ හෙයින් මෙම ලක්ෂණය පිහිටියේය.

22. ගොපකුමතා

උපන් කෙනෙහි වස්සකුගේ බදු ඉතා ප්‍රසන්න ඇස් ගුලිය ඇති බවයි. යටට නොගිලී මතුවට නොඉලිප්පී ඇස් පිහිටි බවය. මෙය ඇත්තේ කාහටත් ප්‍රියමනාප වේ. ප්‍රිය වූ ඇසින් කා දෙසත් බැලූ නිසා මෙම ලක්ෂණය ඇති විය.

23. උණ්හ සීසතා

නලල් පටින් වෙලන ලද වැන් පිරුණු නලල සහිත සම්පූර්ණ හිසක් ඇති බවය. මෙය ඇත්තේනම් බොහෝ දෙනාට අනුචරයෙක් වෙයි. පෙර භවයන්හිදී යහපත් ක්‍රියාවන්ට මූලිකව මහජනයා හැසිරවූ බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

24. ඒකෙකලොමතා

එක රෝම කූපයක රෝම එක එකක්ම ඇති බවය. මෙය ඇත්තේ තමා අනූව යන මහ පිරිස් ඇත්තේ වෙයි. අසත්‍යෙයන් වැලකී සත්‍යවාදී වූ බැවින් මෙම ලක්ෂණය පිහිටා ඇත්තේය.

25. ඌර්ණරෝම ලක්ෂණය
දෙබෑම අතර නලල මැද දකුණට කැරකවී රිදී බුබුලක් සේ දිලිසෙන රෝමයක් ඇති බවය. මෙය ඇත්තා අනූව යන මහා පිරිසක් ඇත්තේය. අසත්‍යෙයන් වැලකීම හා සත්‍යවාදී වීම නිසා මෙය පිහිටියේය.

26. චත්තාලීස දන්තතා

එක් ඇන්දක දත් විස්ස බැගින් දත් හතලිහක් වන්නේය. මෙය ඇත්තේනම් කිසිවකු විසින් බිදලිය නොහැකි මහා පිරිස් ඇත්තේය. කේලම් කීමෙන් වැලකීම අසමගි වූවන් සමගි කිරීම නිසා මෙය පිහිටියේය.

27. අවිවර දන්තතා

විවර රහිත දත් ඇති බවය. දත් එකිනෙක උස් පහත් නොවී සමව පිහිටා ඇති බවය. කිසිවකු විසින් බිදලිය නොහැකි පිරිස් බල ඇත්තෙකු වේ. කේලම් කීමෙන් වැලකීම බිදුනවුන් සමගි කිරීම නිසා මෙම ලක්ෂණය පිහිටියේය.

28. ෂහුත ජිව්හතා

මෟදු දික් පලල් දිවක් ඇති බවය. කන්තල නලල්තල පිරිමැදිය හැකිය. මෙම ලක්ෂණය දරන්නේනම් ඉවතලිය නොහැකි වචන ඇත්තෙකු වේ. පරුෂවචනයෙන් වැලකීම ප්‍රිය වචන කීම මෙම ලක්ෂණය ඇති වීමට හේතු වේ.

29. බ්‍රහ්ම ස්වර්තා

බ්‍රහ්මයාට සමාන කටහඩක් ඇති බවය. පිත් සෙම් ආදියෙන් නොගැටුනු ස්වරය පැහැදිලිය. මිහිරිය. මෙය පිහිටියේ නම් ඉවතලිය නොහැකි වචන ඇත්තේය. පරුෂ වචනයෙන් වැලකීම ප්‍රිය වචනයෙන් කතා කිරීම මෙයට හේතු වේ.

30. සීහ හනුතා

සිංහයාගේ වැනි හනු ඇති බවය. උඩු යටි පිරිපුන් හනු පිහිටයි. මෙම ලක්ෂණය ඇත්තේනම් සතුරන් විසින් විනාශ කල නොහැකි වෙයි. පුලාප කතාවෙන් වැලකීම අර්ථවත් ධර්මාන්විත වචන කතා කිරීම මෙයට හේතු වේ.

31. සම දන්තතා

සම වූ දත් ඇති බවයි. මෙම ලක්ෂණය දරන්නේනම් පවිත්‍ර පිරිවර ඇත්තේ වෙයි. මිත්‍යා ජීවිකාවෙන් වැලකීම හේතුකොටගෙන මෙම ලක්ෂණය පිහිටියේය.

32. සුසුක්ඛ ද්‍රාඨතා

ඉතා සුදු දත් ඇති බවය. මෙම ලක්ෂණය දරන්නේනම් පවිත්‍ර පිරිවර ඇත්තේ වෙයි. මිත්‍යා ජීවයෙන් වැලකීම විපාක ලෙස මෙම ලක්ෂණය ඇතිවිය.


නරකය

නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලොක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි, මුලින්ම 


01) සඤ්ජිවය



යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නමි වෙ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරැ නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි.

02) කාලසුත්‍රය


උපන් සත්ත්වයින් ගිනියමි වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මෙ නරකයේ පැසෙයි.




03) සන්ඝාතය


මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලොහමය පොළවෙ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා සතුන් මැරැ පුද්ගලයන්ද මෙම අපායේ උපදිති.

04) රෞරවය


මෙ නරකයේ සත්ත්වයින්ගේ ශරිරය තුලින් ගමන් ගෙන ඇතුලත හා පිටත දවන්නාවු භයානක දුමකින් යුක්තය. මෙලෙස මුලු සිරැරම දැවි යාම නිසා විලාප දෙමින් හඩන අපාගත සත්ත්වයින්ගේ හඩ නිරන්තරයෙන් ඇසෙන බැවින් මෙම නරකය, රෞරවය නමි වෙ.

05) මහා රෞරවය


අතිශය දරැණු හා භයංකාර වු ගින්නෙන් හා දුමෙන් නිරන්තරයෙන් මෙම නරකය පිරි ඇත. මෙම නරකයේ සත්ත්වයින් විදිනු ලබන ඉසිලිය නොහැකි දුක නිසා නිරන්තරයෙන් විලාප දෙමින් හඩන හඩ ඇසෙන බැවින්ද, නිරිසතුන්ගේ ශරිරයෙන් ගලායන ලෙයින් පිරි ඇති බැවින්ද, මෙය මහා රෞරවය නමි වෙ. තුරැණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද, මෙම නරකයේ උපදියි.

06) තාපනය


මෙම නරකයේ ගිනියමි වු ලොහමය පොළවෙ, ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතුන් පණපිටින් පුලුස්සා මැරැ පුද්ගලයොත් අනුන්ගේ නිවෙස් වලට ගිනි තැබු පුද්ගලයොත් මෙම නරකයේ උපත ලබයි.

07) මහා තාපනය (ප්‍රතාප නරකය)


තාපන නරකයේ මෙන්ම මෙහිද ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. මරනෙන් මතු ඉපදිමක් නැතැයි යන මිත්‍යා දෘශ්ඨිය ගෙන පවි කල පුද්ගලයෝ මෙම නරකයේ දැවෙයි.

08) අවිචිය (අවිචි මහා නරකය යනු මෙයයි)


මෙම නරකයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරයි. පොලවින් නැගෙන ගින්න උඩ පියන්පත දක්වා නැගෙයි. උඩ පියනින් නික්මෙන ගිනි ජාලාව පොළව දක්වා ගමන් කරයි. දිශා 06න් නිරන්තරයෙන් නැගෙන ගින්නෙන් සත්ත්වයින් මෙම නරකයේ නිරන්තරයෙන් පිලිස්සෙන්නේය. මෙම නරකයේ අනන්ත වු සත්ත්ව සංඛයාවක්ද වෙසෙයි එබැවින් එය අවිචි මහ නරකය නමින් හැදින්වෙ.

මෙ ආකාරයට මහා නරකයන් 08 ක් ඇත. මෙ මහා නරක පොළොව ඇතුලෙහි එකිනෙකට යටින් පිහිටා ඇත. එවා හැඩයෙන් හතරැස් ‍ය. ඒවායේ බිම සහ බිත්ති සැදී ඇත්තේ ලොහයෙන්ය. උඩින්ද ලෝහයෙන්ම වැසි තිබෙ. එක් එක් නරකයක දිශා 04 හි දොරටු 04 බැගින් ඇත. මෙ නරකයක ඇතුලත ප්‍රමාණය දක්වා ඇත්තේ එක් එක් දිශාවකට යොදුන් 100 බැගින් යනුවෙනි. මෙ නරකයන් ඇතුලත ගිනිදැල් වලින් පිරි ඇති බවත් දක්වා ඇත.

මෙ එක් මහා නරකයක පිටිපැත්තේ එක් එක් දිශාවට වන්නට කුඩා නරක 04 බැගින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙ කුඩා නරක හදුන්වනුයේ "ඔසුපත් නරක" යනුවෙනි. ඒ අනුව එක් මහා නරකයක් වටා "ඔසුපත් නරක" 16 ක් ඇත. ඒ අනුව මහා නරක අටෙහිම ඔසුපත් නරක 128 ක් ඇත.


මෙම නරකයන්හි සත්ත්වයින්ගේ ශරිර ස්වභාවය කෙසේද?

මොවනට මනුශ්‍යයින්ට මෙන් දෙපා ඇත. ඔවුන්ගේ ශරිර ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බව දක්වා ඇත. ඒ අනුව ඇතැමි සත්ත්වයින්ගේ ශරිරගවිවික් පමණද, ඇතමෙක්ගේ ශරිර ගවි දෙකක් පමණද, ඇතමෙක්ගේ ගවි තුනක් පමණද, ඇතමෙක්ගේ යොදුනක් පමණද වන බවද දක්වා ඇත. අවිචි නරකයේ දුක් විදින්නාවු දේවදත්තගේ ශරිරය යොදුන් සියයක් විශාල ශරිරයක් බව දක්වා ඇත. මොවුන්ගේ ශරිර මනුශ්‍ය ශරිර මෙන් තද බවින් යුක්ත නැත. මහනෙල් මල් පෙත්තකින් ගැසුවද කැඩි යන තරමෙ පෙනපිඩු මෙන් දුර්වල බව දක්වා ඇත. මෙලෙස විශාල ශරිර ඇත්තේ ඔවුන් විදිය යුතු දුක වැඩි විය යුතු නිසා යැයි සිතිය හැක.

නරකයන් ගේ දුක්ඛය ගැන බුදුරජානන්වහන්සේ වදාලේ මොනවාද?

දුක් ඇති තැන් වලින් ඉතා දරැණුම දුක් ඇත්තේ නරකයේය. මෙ නරකයන් වල විවිධාකාර දුක්ඛයන් ඇත, ඉන් විශේෂිත නරක වල දෙනු ලබන දුක්ඛයන් ඉහතින් දක්වා ඇත, මිට අමතරව 128 ක් වු ඔසුපත් නරකයන්හි පහත දුක් ඇත.


ගින්නෙන් දවනු ලැබිම, ගිනියමි වු ලෝහ පොලවෙ තබා උල් ගසනු ලැබිම, වැ පොරෝව ආදියෙන් ශරිරය කපනු ලැබිම, ලි කොටන් මෙන් දැලි නුල් දමා කියතින් කපනු ලැබිම, ලොදිය පෙවිම, ගිනියමි වු යකඩ ගුලි ගිල්ලවිම, පෙරලන පර්වත වලට යටකර අඹරනු ලැබිම, ශරිරය තුලට ගමන් කරණු ලබන දුමි වලින් ශරිරය පිලිස්සනු ලැබිම, ලොහ තුඩු ඇති පක්ෂින් විසින් කොටා ශරිරයේ මස් කඩාගෙන කනු ලැබිම, ගවයින් මෙන් කරත්තවල බැද බර ඇද්දවිම, දැලිපිහි මෙන් කැපෙන තණකොල හා කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් ඇති ප්‍රදේශවල දිවවිම, මෙලෙස කැපි මස් කැබැල්ලක් මෙන් වු ශරිර ලුණු ගංගා වලට ඇද දැමිම ආදියයි. බුදු රජානන් වහන්සේ මෙසේ වු නරකයේ දුක්ඛය දැක්විමට උපමාවක්ද නොමැති බව දක්වා ඇත. එවිට භික්ෂුන්වහන්සේ නමක් නරකයේ දුක උපමාවකින් වදාලන මෙන් ඉල්ලාසිටි විට, තතථාගතයන් වහන්සේ පහත උපමා දක්වා ඇත.


"මහණෙනි, රාජපුරැෂයෝ සොරෙකු අල්ලා රජු ඉදිරියට ගෙන ගොස් දෙවයන්වහන්ස!මොහු සොරෙකි මොහුට සුදුසු දඩුවමක් නියමකරණ මැනවයි කියයි. එවිට රජු මෙම සොරා ගෙනගොස් උදැසන මොහුගේ ශරිරය සිදුරැවන පරිදි යහුල් පහර 100 ක් අනින මෙන් නියම කරයි. ඉන්පසු දහවල් කාලයේ රජු සොරා පිළිබදව විමසා සොරා ජිවත්ව සිටින බව දැන දහවල් කාලයේත් යහුල් පහර 100 ක් ඇනිමට නියම කරයි. ඉන්පසුව නැවතත් සවස්කාලයේ සොරා පිළිබදව රජු නැවතත් විමසා ඔහු ජිවත්ව සිටින බව දැන නැවතත් සවස් කාලයේ යහුල් පහර 100 ක් අනින ලෙස රාජ පුරැෂයන්ට නියම කරයි.

ඉන්පසු තථාගතයන්වහන්සේ, "මහණෙනි මෙලෙස ඒ පුරැෂයා යහුල් පහර 300 ක් කැමෙන් දුකට දොමිනසට පත්වුයේද යැයි අසන ලදි" ඒකල්හි භික්ෂුහු ස්වාමිනි! එක යහුල් පහරක්ම මහත් දුකක් දොමිනසක් වන විට යහුල් පහර 300 පිළිබදව කුමක් කියන්න දැයි අසන ලදි.

ඉන්පසු තථාගතයන් වහන්සේ කුඩා ගල්කැටයක් අතට ගෙන, "මහණෙනි! මා විසින් මෙ අතට ගන්නා ලද ගල් කැටයෙන් හා හිමාල පර්වතය යන දෙකින් විශාල වන්නේ කුමක්දැයි අසන ලදි. එවිට භික්ෂුන් ස්වාමිණි! ඔබ වහන්සේ විසින් ශ්‍රි හස්තයට ගන්නා ලද ගල්කැටය හිමාලයෙන් 1000 සින් පංගුවකුත් නොවන්නේය, දසදහසින් පංගුවකුත් නොවන්නේය, ලක්ෂයකින් පංගුවකුත් නොවන්නේය. එයහිමාලය හා සංසන්දනය කල යුත්තක් නොවන බව සැල කර සිටින ලදි.

එවිට තථාගතයානන් වහන්සේ මහණෙණි එසේම යහුල් පහර 300 ලද මිනිසා විදින ලද දුක නරකයේ දුකෙන් දහසින් පංගුවක් හෝ දසදහසින් පංගුවක්හෝ ලක්ෂයෙන් පංග්වක් හෝ නොවන බවත් අපායේ දුක්ඛය හා සමකල යුතු දෙයකුදු නොවන බවත් දක්වන ලදි.

මෙයින්ම අපට අපායේ දුක්ඛත්වය පිලිබදව අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.




No comments:

Post a Comment