අත්බෙහෙත්























ඔබේ රෝගයට නිවසේදීම පිළියම් 

දත් කැක්කුමට 

* කරාබු නැට්ටක් තලා දත මුල තබන්න. එසේ නැත්නම් 

* කරාබු නැටි තෙල් දත මුල තබන්න. 

* අරළු,තැඹිලි පොල් මුල්, පුවක් මල්, මූණමල් පොතු තම්බා සීනක්කාරම් කුඩු ස්වල්පයක් දියකර කට සෝදන්න. 

* නික කොළ තැම්බූ වතුරට සීනක්කාරම් කුඩු ස්වල්පයක් දියකර කට සෝදන්න. 

පිළිස්සීමට 

* කෝමාරිකා මඳ ගාන්න. (පිළිස්සුණු ස්ථානයේ) 

* අන්නාසි ගොබ /කොළ ඉස්ම ගාන්න 

* රසකිඳ කොළ හීන් ගෙඳ කොළ ගිතෙලින් අඔරා ගාන්න. 

* අළු කෙසෙල් ගසේ පතුරුවල ඉස්ම මිරිකා ගාන්න. 

හිසරදයට 

* සුදු හඳුන්, අමු ඉඟුරු ,අබ, ඇඔුල් දෙහි යුෂින් අඔරා රෙදි කැබැල්ලක ගා නළලට එලන්න. 

* වියළි කහ කැබැල්ලක් තල තෙලින් පෙඟවා පහනෙන් පුළුස්සා ඒ දුම උරන්න. 

* සුදු හඳුන් , සුවඳ කොට්ටන්, දේවදාර, වෙනිවැල්ගැට සමව ගෙන කොටා ඇල්දියෙන් අඔරා රෙදි කැබැල්ලක නළලට එලන්න. 

ආහාර අරුචියට 

* මිංචි කොළ , ගම්මිරිස් කොළ, කරාබු නැටි 1-2, දියලුණු ස්වල්පයක් දමා දෙහි ඇඔුලෙන් අනා කෑමට ගන්න. 

* කරපිංචා දළු කොළ, වියළි මිරිස්, ගම්මිරිස්, සුදුළූණු, අමු ඉඟුරු, උම්බලකඩ එක්කොට ලුණු මිරිසක් සාදා දෙහි යුෂ දමා කෑමට ගන්න. 

* සුදුළූණු , රතුලුණු , ගම්මිරිස්, කරපිංචා , සුදුරු කොත්තමල්ලි,සියඔලා, දියලුණු ස්වල්පයක් දමා තැම්බුම් හොද්දක් සාදාගන්න. 

බඩේ දැවිල්ලට 

* කොත්තමල්ලි, දුම්මැල්ල තම්බා බොන්න. 

* බාර්ලි/මුං ඇට තැම්බූ වතුර බොන්න. 

මුත්‍රා දැවිල්ලට 

* නීරමුල්ලිය, පොල්පලා,සුදු හඳුන් තැම්බූ වතුරට සීනි දමා දිනකට දෙතුන් වරක් බොන්න 

* අක්කපාන කොළ තැම්බූ වතුරට සීනි,මී පැණි දමා දිනකට දෙතුන් වරක් බොන්න 

* තැඹිලි ගෙඩියට කොත්තමල්ලි කුඩු, උක් හකුරු දමා රැයක් පින්නේ තබා බොන්න. 

උළුක්කුව 

* එරබදු කොළ පොතු ,අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න. 

* බේත් එඩරු කොළ, පොතු , මුල් , ඇට, දළු, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න. 

* වල් අඹ පොතු, බැලතණ, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න. 

* පෝට කොළ, හීරැස්සපලු,අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න. 

නිදි උළුක්කුව 

* මී ඇට තෙල් බෙල්ලේ ගා උණු බත් පොට්ටනියක් සාදා තවන්න. 

* මී ඇට තෙල් බෙල්ලේ ගා රත්කර ගත් මුහුදු වැලි පොට්ටනියකින් හෝ ලුණු කුඩු වලින් 

පොට්ටනියක් සාදා තවන්න. 

* මී ඇට තෙල් ස්වල්පයකට කපුරු පෙත්තක් දමා රත්කර තවන්න. 

* නික මුල්, වියළි ඉඟුරු , සුදුළූණු තම්බා බොන්න. 

* කොට්ටයේ පුළුන් තද වී ඇත්නම් කොට්ටය තද අව්වේ වේලා බුරුල් වූ විට නිදියෑමට ගන්න. 

ඉක්කාව 

* මොණරපිල් දවාගත් අළු එළඟිතෙල්, මී පැණි අසාමාන ප්‍රමාණයෙන් කලවම්කර දිවේ ගාන්න. 

* අරත්ත අල මී පැණියෙන් අඹරා දිව ගාන්න. 

* බැබිල මුල්, සුදුළූණු , උළුහාල් , ගම්මිරිස් තම්බා බොන්න. 

දද 

* කරවිල කොළ/ ඇත්තෝර කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න. 

* ඇහැළ දළු විනාකිරෙන් අඹරා ගාන්න. 

* ඇත්තෝර කොළ, දෙහි ඇට මඳ, සුදුළූණු දෙහි අඹුලෙන් අඹරා ගාන්න. 

* වළඟසහල්, අබ, ඇත්තෝර ඇට, සුවඳකොට්ටන්, කහ කුඩුකර විනාකිරෙන් අඹරා ගාන්න. 

මුත්‍ර පිටනොවීම නිසා යටිබඩ කොරවීම 

* යටිබඩේ එඩරු තෙල් ආලේප කර උණු ජලය පිරවූ වීදුරු බෝතලයකින් තවන්න. 

* කුප්පමෙනිය කොළ වලට කපුරු පෙත්තක් දමා අඹරා යටිබඩේ ගාන්න. 

* යටිබඩේ එළඟිතෙල් ගා බැබිල කොළ කොටා පොට්ටනියක් සාදා තවන්න. 

* වැසිකිලියට ගොස් වතුර පයිප්පයේ කරාමය ඇර වතුර වැටෙන ශබ්දය ඇසීමට සලස්වන්න. 

බඩගින්න අඩුනම් 

* අරළු, සිද්ධි ඉඟරු, සහිඳ ලුණු කුඩුකර මී පැණි කලවම් කර දෙන්න. 

* ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සහිඳලුණු, සීනි කුඩුකර, සියඹලා ඇඹුල්, මී පැණි කලවම් කර ලේහ කරන්න. (දිවේ ගාන්න) 

* ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සහිඳලුණු කුඩුකර නස්නාරන් රේණු හා මී පැණියෙන් අඹරා ලේහ කරන්න. 

ස්වර්ණා ආරියවංශ 

4 comments:

  1. Bade gal thiyana ayata sinhala beheth dannawa nam...aharayata nogatha yuthu kama jathi dannawa nam dannako...

    ReplyDelete
  2. Bade gal thiyana ayata sinhala beheth dannawa nam...aharayata nogatha yuthu kama jathi dannawa nam dannako...

    ReplyDelete