ඉක්වදෝරයේ චිම්බොරාසෝ කඳු මුදුන - මුහුදු මට්ටමේ සිට උස : මීටර 6310 ලෝකයේ උසම ස්ථානය වන්නේ එවරස්ට් කඳු මුදුන බව සැමදෙනාම දන්නා කාරණයකි.
එහි උච්චතම උස වන්නේ මීටර 8848 කි. එවරස්ට් ගැන ලෝකයේ සියල්ලන්ම පාහේ දැන උන්නත් චිම්බොරාසෝ කඳු මුදුන ගැන නම් දන්නේ ස්වල්ප දෙනෙකි. එවරස්ට් වලට වඩා උසින් මඳක් අඩු වුවත් චිම්බොරාසෝ කඳු මුදුන ද ඉතා උසැති කන්දකි.
කෙසේ වුවත් එවරස්ට් කන්ද ද පරදා විශේෂ වාර්තාවකට හිමිකම් කියන්නට මෙම කඳු මුදුන සමත්වෙයි. ඒ පෘථීවි මධ්‍යයේ සිට වැඩිම උසකින් පිහිටි ස්ථානය ලෙසිනි.පෘථීවිය පරිපූර්ණ ගෝලයක් නොවේ. එය පැතලි ගෝලාභයකි. වඩාත් පැහැදිලි කලහොත්
පෘථීවියේ ධ්රැව දෙක මඳක් තැලී ගිය ලෙසින් දිස්වන අතර සමකය අවට ප්‍රදේශය මඳක් එළියට නෙරා ආ ස්වභාවයක් පෙන්වයි. මේ නිසා පෘථීවි සමකය ආසන්න ප්‍රදේශයට
පෘථීවියේ මධ්‍ය කේන්ද්‍රයේ සිට වැඩිම දුරක් (අරයක්) ඇති අතර සමක රේඛාවට එක් අංශකයක් ඈතින් පිහිටි චිම්බොරාසෝ කඳු මුදුන මේ නිසා පෘථීයි මධ්‍යයේ සිට බැලු විටකිලෝමීටර 6384 ක් උස වන අතර එය එවරස්ට් කන්ද හා පෘථීවි මධ්‍යය අතර ඇති
අගයට වඩා කිලෝමීටර 2 ක වැඩි අගයක් ගනී.
No comments:
Post a Comment