Wednesday, January 1, 2014

තෙවැනි වරටතු මුහුණෙන් කොටසක් කපයි


චීන ජාතික හුවන්ග් චුන්ගයි හට තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ.
36 හැවිරිදි හුවන්ග් විරල ගණයේ ස්නායු ආබාධයකින් පීඩා විදින්නෙකි.මෙම ස්නායු ආබාධය නිසා ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩේ.
මේ වැඞීම කෙතරම් බරපතලද යත් 2007 වසරේදී හා 2008 වසරේදී දෙවරක් වෛද්‍යවරුන්ට වැඩුණු මස් පිඩු කොටස් කපා ඉවත් කරන්නට සිදුවුණු අතර එම අවස්ථාවන්ගේ ඉවත් කළ කොටස් වල බර කිලෝග්රෑම් 17 කට ආසන්න බව සදහන්වේ.
දැන් තෙවන වතාවටත් වැඩිපුර වැඞී ඇති මස් කොටස් ඉවත්කිරීමේ සැත්කමකට මුහුණ දීමට සිටින හුවන්ග්ගේ මුහුණින් මෙවර කිලෝ 2 කට ආසන්න කොටස් ප‍්‍රමාණයක් කපා ඉවත් කෙරෙනු ඇත.
තවත් සැත්කම් වාර 3 කින් පමණ පසු හුවන්ග්ව සම්පූර්ණයෙන්ම පාහේ සුවපත් කළ හැකි වේයැයි වෛද්‍යවරු විශ්වාස කරති.එතෙක් ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩෙමින් පවතිනු ඇතැයි ඔවුන් කියයි.

කතගේ නිතඹ අඩි හතයි

අඩි 7 ක් පළළ නිතඹක හිමිකාරිනියකි ඇමරිකා ජාතික සාරා මෙසි.
වාර්තා වලට අනුව ඇය ලොව විසල් නිතඹවල් හිමි කාන්තාවන් අතුරින් මුල් තැන පසුවන්නියකි.
සාරාගේ වයස අවුරුදු 33 කි.විවාහක ඇය දරු දෙදෙනෙකුගේ මවකි.
‘‘මේක කුඩා කාලයේ ඉදලම පැවතිච්ච දෙයක්.මම වයසින් වැඩෙද්දී ඒ හා සමානවම මගේ නිතඹත් ප‍්‍රමාණයෙන් වැඩෙන්නට ගත්තා.වෛද්‍යවරුන් කියන්නේ මෙය ප‍්‍රවේණිගත දෙයක් කියලා.මගේ පවුලේ ඇතැම් සාමාජිකයින්ගේත් මේ තත්ත්වය දැකිය හැකියි.නමුත් මගේ තරම් විශාලවට නම් නොවේ‘‘ සාරා පවසන්නේ සිනාමුසුවය.

Friday, October 18, 2013

රන් කමිසය

මොහු 32 හැවිරිදි ධනවත් ඉන්දියානුවෙකි.මෙය ලංකාවේ මුදලින් රු.ලක්ෂ 29ක් පමණ වටිනා කමිසයකි. මෙම කමිසය මසා ඇත්තේ රන් කෙදි වලිනි.මෙමගින් ඔහු කාන්තාවන්ගේ ආකර්ශණය ලබා ගැනීමටයි බලාපොරොත්තු වන්නේ.
රන් කරුවන් 15 දෙනෙකු විසින් දිනකට පැය 16 බැගින් සති දෙකක් පමණ කාලයක් මෙම කමිසය සෑදීමට ගතකර තිබෙනවා.

Saturday, September 21, 2013

ලොවේ උකුල පළල්ම කාන්තාව

39 හැවිරිදි දරුවන් 4 දෙනෙකුගේ මවක් වන අතර ඇගේ උකුල අගල් 100 ඉක්මවයි(අඩි 8).ඇගේ මේ විශාල බව නිසා කාරයකට නැගීමටත් අපහසු වන අතර නිවසේ ඇයට ඉද ගැනීමට විශේෂිත පුටුවක්ද ගමන් බිමන් යාම සදහා ට්‍රක් රථයක් ද අවශ්‍ය බව කියයි.ඇය මේ විශේෂිත හැඩය ගැන ආඩම්බර වන නමුත් සමහර අවස්තා වලදී ඇය සරදමට ලක්වන බවද පවසන්නීය.

Thursday, August 8, 2013

උපන් ඇඳුමෙන් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක්



උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට. ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නැතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා.

Tuesday, August 6, 2013

නයිල් ගඟ

නයිල් ගඟ ලෝකයේ ඇති දිගම ගංඟාව වේ.එහිදිග කිලෝමීටර් 6,670 ක් පමණවේ.මෙය ඉතියෝපියාව, එරිට්‍රියාව,සුඩානය,උගන්ඩාව,ටැන්සානියාව,කෙන්යාව,රුවන්ඩාව,බුරුන්ඩි,ඊජීප්තුව සහ කොංගෝව ඔස්සේ ගලා යන මෙය මධ්‍යධරණී මුහුදට එකතුවේ.

Monday, August 5, 2013

ලොවේ මහලුම කාන්තාව


ඇමරිකාවේ ලෝවා ප්‍රාන්තයේ ඩෙස් මොයින්ස් නගරයේ ජීවත් වන"ඩීනා මෑන් ෆ්‍රැඩ්නි"නැමැති කාන්තාව ලොව වයස් ගත කාන්තාව ලෙස වාර්තාවක් පිහිටුවයි.1897 දී 4 වන මස4 වැනිදා උපත ලත් මැය තම සැමියා වන "රික්කර්ඩො මෑන් ෆ්‍රඩ්නි"සමග1920 ඉතාලිය සිට"ඩෙස් මොයින්ස්"නම් නගරයට පැමිණ පසු ගෘහ සේවිකාවක් ලෙස වයස අවු 90 දක්වා සේවය කළාය.මනා ශරීර සෞඛ‍යයෙන් යුත් සැරයටියේ ආධාරයෙන් ඇවිදින් මැයගේ වයස අවු 115 කි.2012-12 වන මස 4 වන දිනයේ අවු 116 දක්වා ජීවත් වු "බෙස් කුපර්"යන කාන්තාවගේ මරණයෙන් පසු මැය ලොව වයස ගත කාන්තාව ලෙස වාර්තාවේ.

ප්‍රෑන්ක් සහ ලුයි


"ප්‍රෑන්ක් සහ ලුයි" නැමති මෙම බළලා මුහුනු දෙකක් හා මුඛ දෙකක් ද,නාහස දෙකක් ද,දැහැස් තුනක් ද ඇතිව උපත ලැබුවේය. අවුරුදු 12ක කාලයක් ජීවත් වෙයි.මෙය 2012 ගින්නස් පොතේ වාර්තාවක් පිහිටුවා ඇත.

Tuesday, July 16, 2013

බැන්ඳට පස්සේ මහත් වෙන්නේ ඇයි

විවාහයත් සමඟම කාන්තාවන් වෙතින් තරබාරු බවක් දකින්නට ලැබෙන බව ඔබත් අත්දෑක ඇති. මෙයට නිශ්චිත හේතුවක් තිබෙනවාද? අද අපි ඒ ගැන විමසා බලමූ.
 මෙයට හේතුවක් වෛද්‍ය විද්‍යාත්මකව නම් පැහැදිලිව කියන්නට බැහැ. විවාහයත් සමඟ කාන්තාවන් සතුටින් සිටින නිසා මහත් වෙනවා වන්නට පූළුවන්.