Tuesday, June 18, 2013

වික්ටෝරියාත්, නයගරාත් දෙවැනි කළ ඉගුආසු

බ‍‍්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ල, ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශනීයතම ඉසව්වකි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යයක් වන ඉගුආසු, දිය ඇලි සංකීර්ණයකි. මී. 2700 ක් පළල මේ ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකි.


ඇල්ලේ පළලින් මීටර් 1900 ක් බ‍‍්‍රසීලයටත් ඉතිරිය ආර්ජන්ටිනාවටත් අයත් වෙයි. මෙහි උසම ඇල්ලේ උස මීටර් 82 ක් වන අතර බහුතරයක උස මීටර් 64 ක් පමණය.

ඉඟු‍ආසු ඇල්ලේ ප‍‍්‍රධානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුරයි. පලල මීටර් 150 ක් ඉක්මවන මේ යක්ෂ උගුර ඉංග‍‍්‍රීසි ‘යූ ’අකුරේ හැඩය ගන්නකි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ බ‍‍්‍රසීලයත් ආර්ජන්ටිනාවත් වෙන්කරන මායිමේය.

තත්ත්පයකට ලීටර් 15000 තරම් ජල ප‍‍්‍රවාහයක් ඇද හැළෙන මේ අපූරු ඇල්ල අබියස වික්ටෝරියා ඇල්ලත් නයාගරාවත් දෙවැනි වෙයි.

ඉගු ආසු ඇල්ල වටකොටගත් වන රක්ෂිතය ජගුවරයින් යෝධ කුහුඹු කන්නන් වැනි ඇමේසන් වන කලාපයට අයත් අපූරු සතුන්ගේද නිජබිමකි.

No comments:

Post a Comment