Tomb Raider 3 වැනි චිත්‍රපටයකුත් ඒවිද?
ආරංචියක්
තියෙනවා Tomb Raider චිත්‍රපට මාලාවේ අලුත්ම එක මේ අවුරුද්දෙ එනව කියලා.
නමුත් තවමත් හරියටම කියන්ඩ දන්නෙ නෑ. හැබැයි තොරතුරුවල හැටියට මේක මුල්
චිත්‍රපටයේම ප්රතිනිර්මාණයක ් විය හැකි බවකුයි පේන්නෙ.
Tomb
Raider කියන්නෙ Eidos සමාගමෙන් බෙදා හැරපු දිසිරූ ක්‍රීඩාවක්. මුලින්ම
1996 දී පරිගණක ක්‍රීඩා අතරට එකතු වුණු මේ ක්‍රීඩාවෙ නවතම සංස්කරණය 2013
එළි දැකීමටයි නියමිත. මේ දිසිරූ ක්‍රීඩාවෙ තියෙන්නෙත් චිත්‍රපටියෙ වගේම
එක්තරා කෙල්ලෙක් අසරණ අහිංසක ගති මැඩගෙන වික්‍රමාන්විත ක්රියාන්විතයන් හි නිරත වන්නට එළඹෙන විදිහ තමයි. මේක ආශ්‍රය කරගෙන තැනුණ පළමු චිත්‍රපටය නිකුත් වුණේ 2001 වසරෙදි. එහි නම වුණේ Lara Croft: Tomb Raider (2001).
මේකෙ ප්‍රධාන චරිතයට දායක වුණේ, ක්‍රියාදාම සිනමා රැජිණක් වන Angelina
Jolie. අධ්‍යක්ෂණ කාර්යය සිදු කළේ Simon West. එය අලෙවි වාර්තා තබමින්
සාර්ථක වූ හේතුවෙන්ම දෙවැන්නකුත් නිර්මාණය වුණා. ඊටත් Jolie එක්වුණත්,
අධ්‍යක්ෂකවරයා වෙනස් වුණා. Tomb Raider: The Cradle of Life (2003) නම්
වූ එය අධ්‍යක්ෂණය කළේ Jan de Bont. එය මුල් එක තරම් ප්‍රේක්ෂකයන්ව දිනා
ගන්නට අසමත් වුණත් අසාර්ථක වුණේ නෑ. ඒකෙනුත් හොඳ ලාභයක් ලබාගන්නට නිෂ්පාදන
මිල දැරූ අයට හැකි වුණා. මේ දෙකම බෙදාහැරියෙ Paramount සමාගමෙන්.
කියවෙන
විදිහට Warner Bros ලා මේ ක්‍රීඩාව වෙනුවෙන් චිත්‍රපට නිර්මාණ අයිතිය
Eidos ලගෙන් මිලට අරගෙනයි තියෙන්නෙ. 2008 වර්ෂයේදී තමන්ගෙ මිල ලංසුව ඉහළ
දාලා ඔවුන් මේක ලබා ගන්ඩ කටයුතු කරලා. දැන් ඔවුන්ගෙන් මේක නිෂ්පාදනය කිරීමේ
අයිතිය ලබා ගෙන තිබෙන්නෙ Graham King ගේ GK සමාගම. Harry Potter and The
Prisoner of Azkaban අධ්‍යක්ෂක Alfonso Cuaron මේක අධ්‍යක්ෂණය කරන්ඩ යන බවට
ආරංචියක් තිබුණත් තවමත් ඒ ගැන සනාථ කරලා නෑ. හැබැයි Jolie වෙනුවට එක්වන්නට
නිළියන් බොහෝ ගණනක් බලාගෙන ඉන්නවා. ඒ අතරට Transformers, Jennifer’s Body
හි එක්වුණ Megan Fox/ Ghost Whisperer හි එක්වුණු Jennifer love Hewitt/
Kim Kardashian/ Olivia Wilde/ Thor හි එක්වුණ Jailie Alexander/ Lyndsy
Fonseca මෙන්ම Vampire Diaries හි තරුව වූ Nina Dobrev ද ඇතුළත්. Twilight තරුව Kristen Stewart නම් බෑ කිව්වලු ඇහුවහම. :D
මේකෙ කතාව නැතිනම් තිරරචනය ලියන්ඩ Iron Man ලියපු
දෙන්නව බඳවා ගෙන. Mark Fergus සහ Hawk Ostby. කතාව මේ විදිහයි. Lara Croft
ගුවන් ගමනක නිරත වෙන අතරෙදි, කුණාටුවකට හසුවන යානය Dragons Triangle
නමැති තුන්කොන් දූපත් ප්‍රදේශයට කඩා වැටෙනවා. ජපානය ආශ්‍රිත මේ තුන්කොන්
දූපත් ප්‍රදේශයත් හරියට Devil’s Triangle(කවුරුත් දන්නෙ Bermuda ත්‍රිකෝණය
කිව්වොතින් තමයි) වගේම මහ අද්භූත දේවල් වෙන හරියක්. ඒ නිසාම Pacific
Bermuda Triangle කියලත් හැඳින්වෙනවා. එහෙම කඩා වැටුණායින් පස්සෙ තමන්
ඇතුළු සගයින්ට මුහුණ දෙන්නට වෙන්නෙ අමුතු සිද්ධි ගොඩකට සහ මේ කට්ටිය මරන්නට
එන කුලී පන්නයකටයි. ලද බොළඳ, සුකුමාර තරුණියක් විදිහට එතෙක් ඉන්න ලාරාට
හැඩි දැඩි, දළදඬු යකඩ ගැහැණියක් වන්නට සිදු වන්නේ මේ අත්දැකීම් සමගයි.
කතාව
ගැන මෙහෙම සඳහන් වුණත් ඇතැම්විට; 2013 එළි දකින නවතම දිසිරූ ක්‍රීඩාවෙහි
ගැප් වන කතාවේ ආභාෂය සහිත නිර්මාණයක් විදිහට මෙය තිරයට එන්නට හැකියාවක්
තියෙන බවකුත් නොකියවෙනවාම නොවෙයි. එහෙමනම් තුන්වෙනි එක බලන්ඩ ඇස් දෙක හොඳට
ඇරගෙන බලං ඉමු නේද ඒක එනකම්!
No comments:
Post a Comment